සිංහල-කවි ලියමුද ? ☺ (සිත්කවි)

පුංචි කවිකාරයෝ



හිතෙන ඕනෙම වෙලාවක කරන්න පුළුවන් අපූරු වැඩක් තමා දුවේ පුතේ කවි ලියන එක. කවි ලියන්න කවියොම වෙන්න ඕනෙ නැහැ. ඔයාල සේරම කවියො කියල තමා අපි නම් හිතන්නෙ.දන්නවද හැම තිස්සෙම තාලෙකට කවි ලියන්න ඕනෙ කියල කවුරුවත් නීති දාලා නැහැ. ඔයාලගෙ පුංචි හිතේ මතුවෙන ලස්සන අදහසක් ලිව්වත් ඒකත් කවියක් තමා දරුවනේ. 

එහෙනම් මේ දවස් වල නිකමට උත්සාහයක් ගන්න කවියක් ලියන්න. මුලින්ම රූපයක් දිහා බලාගෙන හිතට එන දේවල් ලියන්න. ඒවා ලස්සනම කවි වේවි.



ගස්වල අතු ඉති, 
වැස්සෙ එහෙ මෙහෙ වැනි වැනී 
හරිම සතුටින්
හිනාවෙන සද්දෙ, 
හෝ හෝ ගාලා එන හුළග 
මට කියද්දි 
මටත් හිතෙනව 
පුංචි දඟයෙක් වෙන්න .

මේ ඔයාල වගේ පුංචි දඟයෙක්ට  වැස්ස දිහා බලන් ඉද්දි හිතෙන්න ඇති දෙයක් නේද මේ ? අම්මගෙන් බැනුමක් අහන්න වෙන නිසා ජනේලේ ලඟ ඉදන් බලන් හිටියට හිත තියෙන්නෙම ගස්වල අතු ඉති වගේ වැස්සෙ නටන්නමයි. මේ වගේ පුංචි සිතුවිලි ඔයාලටත් ඇතිවෙනවනේද ?ඒවා ලියන්න.

කුරුළු කිරිලියන් 
ඉක්මන් ගමනෙන් 
කූඩූ සොයා යයි 
වැස්සක් එනවා.

සුළං හමනවා 
ගස් සෙලවෙනවා 
ඉර හැංගෙනවා 
වැස්ස වහිනවා.

මේ තාලෙකට පද පේලි ලියන විදිය. ඔයාලත් ගෙදර ඉන්න මේ කාලේ මේ දේවල් ගැන කවි ලියාගෙන ඉස්කෝලෙට එන්න.


  • වැස්ස 
  • අළුත් අවුරුද්ද 
  • නංගි,මල්ලි,අක්ක,අයියා ගැන.
  • අම්මයි තාත්තයි ගැන.
  • ඉස්කෝලේ ගැන.
හරි එහෙනම් පුංචි  කවිකාරයෝ වෙලා ඉස්කෝලේ ආපුවම ඔයාලගේ ලස්සන කවි කියවලම බලමු අපි..☺☺☺

















Comments