සිංහල-මේ වචන අම්මයි තාත්තයි හොඳට මතකෙට ගන්න. ⦅සිත්කවි⦆

අපි එදිනෙදා භාවිතා කරන මේ වචන දරුවන්ට හොඳට හුරු කරවන්න. විවේකෙන් ඉන්න වෙලාවට මේ වචන 
අසා ලිවීමක් විදියට දරුවාව ඇගයීමකට ලක් කරන්න.


අම්මල තාත්තල හිතල බලල තියෙනවද පුංචි කාලේ දරුවට පැන්සලෙන් ලියන්න දීලා 6 වසරට එනකොට පෑන භාවිතා කරන එක අනිවාර්‍යය ඇයි කියල? පැන්සලෙන් ලියන ඒවා වැරදුනොත් ඒක මකල දාලා ආයේ එතනම ලියන්න පුළුවන් කිසිම පැල්ලමක් නැතුව පිරිසිදුවට.හැබැයි පෑන එක්ක ඒ සෙල්ලම්  බැහැ. වැරදුනොත් මකන්න බැහැ. මකල දැම්මොත් පැල්ලම පේනවා. ජීවිතෙත් මේ වගේ. පුංචි කාලේ වෙන වැරදි වලට සමාවක් දුන්නත් ලොකු වෙද්දි බැහැ. පාසල් වැඩත් නිසි විදියටනොවුනොත් දරුවගේ අනාගතේ අඳුරු වෙන එකට ඔයාලත් ලොකුම වැරදිකාරයෝ වෙනවමයි. ඒකට පාසලටවත් ගුරුවරුන්ටවත් ඇඟිල්ල උරුක් කලාට වැඩක් නැහැ. ඔබ කොයිතරම් අවිවේකී උනත්දරුවගෙ පොත පත කියවල බලන්න. දරුවගෙ ජීවිතේ ගොඩක් දේ තේරුම් ගන්නත්  ඔබට ඒකෙන් පුළුවන් වේවි. එහෙම පොත් පත් බලද්දි මේ වචන වල නිවැරදි අක්ෂර රටා දැනගෙන ඉන්න එක ඔයාලට ඉතා වැදගත් වේවි. 




වැරදි භාවිතය 
නිවැරදි භාවිතය 
වැරදි භාවිතය 
නිවැරදි භාවිතය 
වීරෝධාර 
වීරෝදාර 
දුරස්ත 
දුරස්ථ 
ප්‍රධානය 
ප්‍රදානය 
ස්ථරය 
ස්තරය 
ලේඛම් 
ලේකම් 
සංස්තාව 
සංස්ථාව 
වාර්ථාව 
වාර්තාව 
පුස්ථකාලය
පුස්තකාලය 
ධාර්මිෂ්ඨ 
ධර්මිෂ්ඨ 
සෞන්ධර්ය
සෞන්දර්ය
දුෂ්ඨ 
දුෂ්ට 
ප්‍රස්ථා පිරුළ 
ප්‍රස්තාව පිරුළ 
ඉෂ්ඨ අනිෂ්ඨ 
ඉෂ්ට අනිෂ්ට 
සම්ප්‍රධාය 
සම්ප්‍රදාය 
වර්ථමාන 
වර්තමාන 
ස්තිර 
ස්ථිර  
අර්භුදය
අර්බුදය 
දෘෂ්ඨිය 
දෘෂ්ටිය 
ශිෂ්ඨාචාරය 
ශිෂ්ටාචාරය 
ඝට්ඨනය 
ඝට්ටනය 
සංඝායනාව 
සංගායනාව 
භාධාව 
බාධාව 
නිෂ්පල 
නිෂ්ඵල 
ප්‍රභල 
ප්‍රබල 
සජ්ජායනය 
සජ්ඣායනය 
ශිෂ්ඨ 
ශිෂ්ට 
මධ්‍යසාර 
මද්‍යසාර 
ප්‍රථිකාර  
ප්‍රතිකාර
මර්ධනය 
මර්දනය 
විශිෂ්ඨ 
විශිෂ්ට 
ගෘහස්ත 
ගෘහස්ථ 
පරිඝණකය 
පරිගණකය 
සමස්ථ
සමස්ත 
ස්ථම්භය 
ස්තම්භය 
ආදුනික 
ආධුනික 
වර්දනය 
වර්ධනය 
ප්‍රස්ථාරය 
ප්‍රස්තාරය 
ප්‍රශස්ථ 
ප්‍රශස්ත 
ප්‍රථිසංස්කරණ 
ප්‍රතිසංස්කරණ 
මධ්‍යස්ත
මධ්‍යස්ථ 

  1. නිවැරදි  අක්ෂර රටාවෙන් යුත් වචන තෝරා ලියන්න.   
  • අබිවර්ධනය /අභිවර්ධනය /අභිවර්දනය 
  •  වාර්ථාව /සංස්ථාව /ව්‍යවස්තාව 
  • වීරෝදාර /සම්ප්‍රධාය /ප්‍රධානය 
  • ඛේදජනක /ඛෙදජනක /ඛේධජනක 
  • ප්‍රථිචාර /ප්‍රථිපල /ප්‍රතිකාර 
  • ලේඛිකාව /සාංඛාව /සංඡාරය 
  • ප්‍රසස්ත /ප්‍රශෂ්ත /ප්‍රශස්ත 

      2. පහත වචන වලින් කෙටි වාක්‍ය සාදන්න.
  • ලේකම් 
  • මර්දනය 
  • බාධාව 
  • ප්‍රබල 
  • ජනමාධ්‍ය 
  • විෂඝෝර 
  • දේශාභිමානී 
  • ප්‍රස්තාව පිරුළ 
  • භූමිය 
  • පාංශු ඛාදනය 

      3. හිස් තැන් වඩාත්ම සුදුසු වචන යොදා  පුරවන්න.
  • එදා සිටම අපි .................. සම්පන්න ජාතියක්  වෙමු.
  • ...................නැති වැඩ කරන්න එපා.
  • ප්‍රථම ...........................අමාරු පාඩමකි.
  • සභාපතිතුමා ................... ගේ මුහුණ බැලීය.
  • විභාග ................ අපිට දුකක් නොම දේවා.
  • අක්ෂර මාලාවේ .................. අක්ෂර පහකි.
      ( දහයකි/ අටකි / බව බෝග /වැඩක් /වැඩේ / පරිච්ඡේදය / ලේඛම් /බාන්ඩාගාරික /මහා ප්‍රාණ /ලේකම් / 
         ප්‍රතිඵල / සඤ්ඤක /අර්තවත් / උදාසීන /අර්ථවත් )

                                                                                                                                      යසන්ත බුද්ධික ගමගේ (සිත්කවි)




Comments