සිංහල - පැවරුම් (සිත්කවි)

නිවාඩු කාලේ සෙල්ලම් කරලා
සතුටින් ඉන්න ගමන්
මේ පැවරුම් ටිකත් කරමු.



මේ කරුණු ටික අපේ අම්මල තාත්තල හොඳින් කියවල ඉන්න.


රටේ ඇතිවූ හදිසි තත්වය එක්ක අපේ දරු පැටවුන්ට ලැබුණේ
ටිකක්දීර්ඝනිවාඩුවක් නිසා දරුවන්ගෙ ලිවීමේ සහ කියවීමේ හැකියාවන්
පැවති මට්ටම් වලින් පහලට නොයා පවත්වගන්න ඔයාලට ටිකක් මහන්සි
වෙන්න වෙන කාලයක් මේක.
හැබැයි පහ වසරේ රේස් දුවල හති වැටිල ඉන්න මේ පුංචි යාළුවන්ට
ඉගෙනීම එපා වෙන විදියට බලපෑම් නොකර, ඒත් ඉගෙනගත්තු දේ
අමතක නොවී තියාගෙන ඊළග පාසල් වාරයට එද්දි හොඳ පෙරසූදානමක්
සකස් වෙන්න මේ පැවරුම් ටික හෙමින් දරුවො එක්ක කරන්න.
අත් අකුරු වල ස්වභාවය ගැන විශේෂ සැලකිල්ලක් තියාගන්න.
දරුවො කොච්චර ඉගෙනගත්තත් ඉගෙනගත්තු දේවල් නිවැරදිව කියවල
තේරුම් අරන් ලියන්න බැරි නම්,ලියපු දේවල් ගුරුවරයෙක්ට කියවන්න
බැරිනම්,අපැහැදිලියි නම් ඒක දරුවගෙ  අනාගතේට බලපාන ලොකු
ගැටලුවක් කියලත් මතකෙ තියාගන්න.මේ පැවරුම් ගැන ගැටලු
තියෙනවනම් අමතන්න.


යසන්ත බුද්ධික ගමගේ (සිත්කවි)


1.පහත අවස්ථාවන්ට ගැලපෙන ලෙසටපෞද්ගලික ලිපි ලියන්න.
  • පෙර පාසැල් මිතුරාට නව පාසලේ තොරතුරු පවසා.
  • පහ වසර ගුරුතුමියගේ සුවදුක් විමසා.
  • රෝගී වූ සීයාගේ තොරතුරු විමසා.
  • ගායනා තරඟයේ ඔබේ දස්කම් මාමාට පවසා.


2.රූපාසන්න පද දහයක් ලියා ඒ ඒ පද වලට වැකියක් බැගින් ලියන්න.


3.කැමති වචන දහයක් ගෙන ඒවායේ ස්වරකුරු සහ ගතකුරු  
වෙන්කර ස්වරඅක්ෂර ලෙස පෙනී සිටින පිල්ලම්ද වෙනම ලියා                
දක්වන්න.   (අන්තර්ජාල පාඩම් මාලාව හොදින් කියවා බලන්න.)


4. පවුලේ අය සමඟ නිවසටම වී ගතකල අලුත්අවුරුද්ද ගැන කවි  
    තුනක් හෝ ඊට වැඩි ගණනක් ලියන්න.


5. අපූරු සිදුවීම්,ස්ථාන සිතින් මවා කතන්දරයක් ලියා එයට ගැලපෙන 
    සිතුවම් කීපයක් අදින්න.


Comments