ව්‍යාකරණ - නාමපද වැඩිදුර හදාරමු. 1 කොටස (සිත්කවි)


ටික දවසක් පාඩමක් නොලියා හිටියේ අනිත් විෂයන්ගෙත් වැඩ දුවල පුතාලට කරන්න තිබුන නිසා. දැන් අපි ආයේ මේ වැඩ පටන් ගමු. දෙවැනි වාරයට එනකොට පළවෙනි වාරේ ව්‍යාකරණ වැඩ  හොදට හුරු වෙලා ආවම ඔයාලටත් ලේසියි. උගන්වන ගුරුතුමාටත් ලේසියි නේ නේද?
අම්මල තාත්තලත් මේ දේවල් සරලවම තේරුම් අරගෙන දරුවන්ට පැහැදිලි කරල දෙන්න.
මේ පාඩම් මාලාවෙන් අපි නාම පද විවිධ කොටස් යටතේ බෙදී භාවිත වෙන ආකාරය සොයා බලමු.

නාම පද  
යම් කිසි කෙනෙක්,ස්ථානයක්,දෙයක්,සතෙක් හෝ යම් ස්වාභාවයක් හඳුන්වන වචන නාමපද ලෙස හැදින්වේ.

කෙනෙක්
තාත්තා/ මිනිසා/ළමයා /ගුරුතුමා
ස්ථානයක්
පන්සල/පල්ලිය/නිවස/රෝහල
දෙයක්
පුටුව/ පෑන/පැන්සල/මේසය
සතෙක්
බල්ලා/පූසා/හරකා/මීයා
ස්වභාවයක්
සීතල/ප්‍රීතිය/වේදනාව

මේ දේවල් නම් ප්‍රාථමික පන්තියෙදි ඉගෙනගත්ත මතක ඇති. 
ඒ වගේම ඒක වචන නාම පද සහ බහු වචන නාම පද කියල වර්ග දෙකකුත් ඉගෙනගත්තා නේද?දැන් ඉදන් සර් ලියල තියෙන ක්‍රමය පවා  උනන්දුවෙන් බලන්න.

ඒක වචන
බහු වචන
ළමයා
ළමයි
එළුවා
එළුවෝ
ගොවියා
ගොවියෝ
ඇතා
ඇත්තු
වාහනය
වාහන
පුංචි පැංචියො කාලේ මතක් වෙන්න මේ වැඩ ටික කරන්නකෝ.
1.  හිස් තැන් වලට නිවැරදි වචන ලියන්න.

  • ·      කඳු මුදුනේ පිහිටි ................ ලස්සනට පෙනේ.
  • ·      ගසේ වසා සිටි ............. ඉගිල ගියේය.
  • ·      .............. උතුරා අවට ප්‍රදේශ ජලයෙන් යටවිය.
  • ·      .............වාහනය පදවාගෙන එයි.
  • ·      අපි කණ්ඩායම සීගිරි..............මුදුනටම නැග්ගෙමු.

2.  පහත වචන වලට  බහු වචන සොයා, ගැලපෙන වාක්‍ය නිර්මාණය  කරන්න.
·      සමනලයා
·      පාර
·      කිඹුලා
·      සර්පයා
·      බල්ලා
·      නිවස
·      ඔරලෝසුව

ප්‍රාණවාචී සහ අප්‍රාණවාචී නාම පද

අපි මුලින් හඳුනගත්ත නාම පද ගොඩාක් ක්‍රම අනුව බෙදා දක්වනව.එක ක්‍රමයක් තමා ඒක වචන සහ බහු වචන අනුව බෙදා ගත්තෙ. තව ක්‍රමයක් තමා ප්‍රාණවාචී සහ අප්‍රාණවාචී විදියට බෙදා ගැනීම.
මෙතනදි පුතේ, පණ තියෙන සහ පණ නැති කියන දේ තමයි අපි බලන්නෙ.මේවාට කියන නම් මතකෙට ගන්න.

ප්‍රාණවාචී
පණ ඇති/සප්‍රාණ /සචේතනික
අප්‍රාණවාචී
පණ නැති /අප්‍රාණ /අචේතනික

මුලින් ඉගෙන ගත්තු දේ එක්ක ගලපගෙන බලමු අපි දැන්. මේ වගුව බලන්න.
  


කෙනෙක්     - පණ ඇති 
සතෙක්        - පණ ඇති 
දෙයක්         - පණ නැති
ස්ථානයක්    - පණ නැති
ස්වභාවයක්   - පණ නැති


ඉහත තියෙන වගුව අනුව ඔයාලට පහසුවෙන්ම මේ 
දෙවර්ගය හඳුනාගන්න පුළුවන්.

අපි දැනට මෙහෙම මතකෙ තියාගමු. සිංහල භාෂාවේ ගොඩාක් ක්‍රම සහ විධි තියෙනව උගතුන් නියම කරපු. දැන්ම ඒවා ඉගෙනගන්න ඔයාලා පුංචි වැඩීනේ.ලොකු උනාම ඒවත් ඉගෙනගමු.

මතකයට......

ප්‍රාණවාචී නාම පද 
අප්‍රාණවාචී නාම පද 
හාවා 
පෑන 
සැමියා 
කාසි 
මාළුවා 
පුටුව 
මකුණා 
මුහුද 
කාන්තාව 
රූපවාහිනිය 
බළලා 
රේඛාව 
දැරිය 
Sශෝකය 
පක්ෂියා 
පත්තරය 
පණුවෝ 
ශාඛාව 
භික්ෂූහු 
පර්වත 
සිඟිත්තා 
උදැල්ල 
අක්කලා 
ඉදල 
සීයා 
වර්ණය 
කෘමියා 
කේන්ති 
සිසුවා 
කිරි 
සර්පයා 
මාර්ගය 




අභ්‍යාස 

  1. පහත වචන ප්‍රාණවාචී සහ අප්‍රාණවාචී ලෙස වෙන් වෙන්ව

වගු ගත කරන්න.

සෙනෙහස,දාරය,මුවහත,අශ්වයා,ඉත්තෑවාකොළඹ,ගංඟාව,මී මැස්සා,
පසුතැවිල්ල,මෙණෙවිය,මාණවකයා,තිත්තයා, කනස්සල්ල,කුල්ල,
නළුවා,විදුහල්පති,බාල්දිය,සපත්තුව,අම්මා,වලහා,කමිසය,සාරිය,
මැණිකේ,මැණික්,අභයගිරිය,මොනරා,පිහාටු,මල්ලී,හිඟන්නා,සෙබඬ 

  1. අප්‍රාණවාචී නාම පද වලින් හිස් තැන් පුරවන්න. 
1 …………සුළඟට ගසාගෙන යයි. 
2 මා වාඩි වන ……...කැඩී වැටිණි.
3 අද හෙටම ……….වසින්නට පටන් ගනීවි.
4 අහසේ ……….බබළමින් තිබේ. 
5 ………… ඇති තැන් වල සිසිලක් දැනේ.

  1. ප්‍රාණවාචී නාම පද වලින් හිස් තැන් පුරවන්න.
1 ……….. පොතපත ලියා පළ කලෝය.
2 ධීවරයෝ මුහුදෙහි ………. අල්ලති.
3 ……….. ටිං ටිං ගාමින් අඹ ගසේ දිවූහ.
4 ……….. මිදුල අතුගා පිරිසිදු කළාය.
5 ………..බර අදින්නට සමතෙකි.

යසන්ත බුද්ධික ගමගේ (සිත්කවි)






Comments