සිංහල - පෞද්ගලික ලිපි ලියමු (සිත්කවි)

පෞද්ගලික ලිපි ලියමු.
letter 2.jpg
ආදරණිය දුවේ පුතේ අද අපි ඉගෙනගමු කොහොමද පෞද්ගලික ලිපියක් ලියන්නෙ කියල.
ඒත් එක්කම ඒවායේ ඇතුලත් විය යුතු අංග මොනවද කියලත් අදුනගමු.
මේ අන්තර්ජාල පාඩම් මාලාවට හැමතිස්සෙම වැඩිහිටි කෙනෙක්ගෙන් උදව් ගන්නත් අමතක කරන්න එපා.
ඔයාලගෙ ගෙදර වැඩිහිටි අයගෙන් අහල බලන්නකො එයාලපෞද්ගලික ලිපි ලියල තියෙනවද කියල.
දැන් කාලේ තාක්ෂණය ගොඩාක් දියුණු නිසා මේ වර්ගයේ ලිපි ලියන්නෙත් නැති තරම්.
ඉස්සර කාලේ මේ ලිපි වලට ලොකු වටිනාකමක් තිබුනෙ ජංගම දුරකතනය භාවිතාවට එන්න කලින්.
දැන් නම් ඕනෙම කෙනෙක්ට තප්පර කීපෙකින් අපිට ඇමතුමක් අරන් අදාල පණිවිඩය කියන්නත් පුලුවන්,
තොරතුරු අහගන්නත් පුලුවන්.ඒ නිසයි මේ ලිපි දැන් ගොඩක් අඩුවෙන් පාවිච්චි වෙන්නෙ.
තව වට්ස් ඇප්,වයිබර්,ඉමෝ, එක එක විදියේ සන්නිවේදන මාර්ග ගැනත් පොඩි උනත් ඔයාල නොදන්නව
නෙවේනේ නේද? හැබැයි මේ අත ලඟ තියෙන තාක්ෂණය කල්පනාකාරීව උපයෝගී කර  නොගත්තොත්
ඔයාල ලොකු අමාරුවක වැටෙනව. ඒ නිසා ඔයාලගෙ අම්මල, තාත්තල, ගුරුවරු දෙන උපදෙස් අවවාද එක්ක
මේ දේවල් පාවිච්චි කරන්න කියලයි සර් නම් අවවාද කරන්නෙ.
හරි අපි යමු එහෙනම් පෞද්ගලික ලිපි ලියන හැටි ඉගෙනගන්න.

letter.jpg

දැන් අපි බලමු මේ ලිපි වර්ගය ලියන්නෙ කාටද කියල. 
  • පවුලේ අයට.
  • ඥාතින්ට 
  • මිතුරන්ට 
  • තමන් අඳුනන කෙනෙක්ට 


මේ ලිපි වලවිශේෂයක් තියෙනව.
ඒ තමා ලිපිය ලියන කෙනා සහ ලියන කෙනා අතරෙ තියෙන සම්බන්ධතාව  අනුව තමා මේ ලිපි ලියන්නෙ.
ඒ කියන්නෙ ලෙන්ගතුම යාලුවට ලියන වචන, අපි අපේ නැන්ද කෙනෙක්ට මාමා කෙනෙක්ට ලියන්නෙ නැහැ.
ඒ කියන්නෙ වැඩිහිටි අයට ගෞරවය දීලයි ලියන්න ඕනෙ.
මේ ලිපි ආදරණිය විදියට තමා ලියන්නෙ ගොඩාක් වෙලාවට.
සුව දුක් අහල බලන්න, ඔයාලගෙ අලුත් තොරතුරු කියන්න තමයි මේ ලිපි ලියන්නෙ.
New_Sinhala_Alphabet.jpg

මේ ලිපිය කියවන්නකො.  


    204/8,
කොස් හේන, 
  වැලිසර.
2020/03/05.
සෙත්වේවා !


ආදරණිය සීයා වෙත,
ඉතින් සීයාට කොහොමද දැන්? සනීපෙන් ඉන්නව නේද? මම නම් හරිම සතුටින් ඉන්නෙ සීයෙ.
අපේ ඉස්කෝලේ නිවාඩු කාලේ දැන් ටික ටික කිට්ටු නිසා මට සීයා දකින්න එන්න ඉවසිල්ලක් නැතුව ඉන්නෙ. 
ගියපාර සීයා මාවයි  මල්ලිවයි එක්කරගෙන ගිය වතුර පීල්ල තාම තියෙනවද සීයේ.
අර තේ වත්තෙ අයින දිගේ ඇඹුල් පේර මතක් වෙද්දිත් ආසයි සීයෙ.
එහෙනම් සීයේ මේ පාර වාර විභාගය හොදට ලියල නිවාඩු දුන්නු ගමන් අම්මයි තාත්තයි මල්ලියි
එක්ක අපි එනව සීයගේ ගෙදර. ආච්චිවත් ආදරෙන් මතක් කරන්න.දැනට නවතින්නම්.සීයාටත් අච්චිටත් තෙරුවන් සරණයි.
මේ,
ආදරණීය චූටි පුතා.


මේ ලිපි වල ඇතුලත් විය යුතු අංග මොනවද ?


  • යවන්නාගේ  ලිපිනය සහ දිනය  
  • ආශිර්වාදය 
  • ආමන්ත්‍රණය.
  • අන්තර්ගතය / කරුණු 
  • අවසානය.
ඔන්න දුවේ පුතේ මේ කියන කොටස් 5 නම් අනිවාර්යයෙන්ම ලිපියේ තියෙන්නම ඕනෙ.
ඒත් එක්කම මේ අංග ලිපියේ ඇතුලත් කරන විදියකුත් තියෙනව. ඒවත් මතකෙ තියාගන්න ඕනේ.


බලන්න ලිපියේ යවන්නාගේ නම සහ දිනය ලියල තියෙන තන යොදාගෙන තියෙන විරාම ලක්ෂණ දිහා.
ලිපිනයේ අන්තිමට තමා තිත තියන්නෙ.උඩ සෑම එකකටම කොමාව.දිනයට පස්සෙත් තිත. ආශිර්වාදයට පස්සෙ විස්මයාදී ලකුණ.
ආමන්ත්‍රණයට පස්සෙ ආයෙ කොමාව. සර් ලියපු ලියුම හොදට බලන්න.
ලිපිනය,දිනය,අවසානය දකුණු පැත්තෙ එක පෙලකට ලස්සනට ලියන්න.මේ විදියට ලිපියක් ලියන්න ඕනේ ඔයාලත්. පුංචි ඡේද තුනක් වත් ලියන්න.
අවසානය ආදරණීය විදියට ලියන්න. 
අත් අකුරු පැහැදිලිව තියෙන්නත් ඕනේ. එක ගොඩකට ලියන්න එපා. වචන අතර හිස් තැන තියල පිරිසිදු වෙන්න ඕනෙ.
වචන ලියල කුරුටු ගාල කැත උනාම ලිපිය ලස්සන නෑනේ පුතේ. හොදට හිතල වචන ලියන්න. එතකොට කුරුටු ගාන්න ඕනේ නෑනේ.නේද? 
 එහෙනම් දුවල පුතාලත් මේ විදියට ලස්සන ලිපි කීපයක් ලියල පුරුදු වෙලා තමයි අයේ ඉස්කෝලෙ එන්නෙ. තව පාඩමකින් ආයේ හමුවෙමු.
යසන්ත බුද්ධික ගමගේ  (සිත්කවි)
letter3.jpg

Comments