නිවැරදිව අක්ෂර උච්චාරණය කරමු.
ගෙදර ඉන්නකොට පාඩම් පොතක් නැත්නම් පත්තරයක් හරි දවසකට විනාඩි 15ක් විතර ශබ්ද නඟා කියවන එක නිවාඩු කාලේ විතරක් නෙවෙයි,හැමදාටම පුරුද්දක් කරගත්තොත් ඒක ඉතාම වටිනා පුරුද්දක් වේවි දුවේ,පුතේ.☺මේ පාඩමෙන් අපි ඉගෙනගනිමු අක්ෂර නිවැරදිව උච්චාරණය කරන්න නම් අපි දැනගෙන ඉන්න ඕනෙ වෙන පුංචි පුංචි කාරණා ටිකක්.
අපේ සිංහලඅක්ෂර මාලාව මිශ්‍ර සිංහලයක් කියල හඳුන්වනව.ඒකට හේතුව තමා පාලි,සංස්කෘත කියන මව් භාෂා වලින් එකතු වෙලා තියෙන වචන අදටත් අපි භාවිතා කරන නිසා ඒවා ලියන්න ඒ ඒ අදාල අක්ෂර අපේ අක්ෂර මාලාව තුල තිබීම.
හැබැයි අද ඉන්න වැඩිහිටි අයත් මේ වචන ගැන ලොකු උනන්දුවක් නැති නිසා ඔයාලත් පොඩි කාලේ ඉඳන්ම පුරුදු උනේ ඒ සංකීර්ණ වචන අඩුවෙන් පාවිච්චි කරන්න තමයි. දැන් ඉතින් අපි ඒවා මඟ නොඇර උනන්දුවෙන් වැඩ කරමු නේද?අක්ෂර උච්චාරණය කරනකොට අපේ දිව කට ඇතුලේ විවිධ ස්ථාන වල ස්පර්ශ වෙනව. ඒවා ටිකක් ඉගෙනගනිමු නේද?
මෙන්න මේ ටික කල්පනාවෙන් කියවල තේරුම් ගන්න.
- දන්තජ 'ස' උච්චාරණයේදී ඔබේ දිව දත් සමඟ ස්පර්ශ වෙයි. ලස්සන / ගස්සන /සවස / නිවස /වස්සාන
- තාලුජ 'ශ' උච්චාරණයේදී දිව උඩු තල්ලෙ ඉදිරි කොටස ස්පර්ශ වෙයි. ප්‍රශ්න / ශනිදා / ශිල්ප /ශීල /විකාශන
- මූර්ධජ 'ෂ' උච්චාරණයේදී දිව උඩු තල්ලහි මුදුනේ ස්පර්ශ වෙයි. උෂ්ණය/පරීක්ෂණ /සූක්ෂම / ක්ෂමාව /මහීෂ
- යංශය ව්‍ය උච්චාරණයේදී ඉදිරි අකුර හල් වී ඉන්පසුව ය අකුර කියැවේ. වාක්‍ය / (වාක්ය ), පුණ්‍ය /(පුණ් ය )/මනුෂ්‍ය /මනුෂ්ය
- රකාරාංශය '්‍ර' උච්චාරණයේදී එය ඇතුලත් අකුර හල් වී ඉන් පසුව 'ර' අකුර කියවේ. ප්‍රශ්න/ (ප්රශ්න) ,ග්‍රන්ථ/( ග්රන්ථ )
පහත පාළි ගාථා හා ශ්ලෝක නිවැරදිව ශබ්ද නඟා කියවන්න.
යථා අගාරං දුච්ඡන්නං
වුට්ඨී සමතිවිජ්ඣති
එවං අභාවිතං චිත්තං
රාගො සමතිවිජ්ඣති (ධම්ම පද- 13)
සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමං කත්වා
න හනෙයිය න ඝාතයේ (ධම්ම පද- 129)
ශෛශවේභ්‍යස්ත විද්‍යානං
යෞවනේ විෂ්‍යයිෂිණ
වාර්ධකේ මුනිවෘත්තීනාං
යෝගේනාන්තේ තනුත්‍යාජාම් (කාලිදාස-රඝුවංශය)
න පශ්‍යති දිවෝ ලූකඃ
කාකෝ රාත්‍රෞ න පශ්‍යති
කෝපී ද්වේෂීච මෝහීච
දිවා රාත්‍රෞ න පශ්‍යති (ප්‍රත්‍යය ශතකය- 41)
"ශක්‍ර දේවේන්ද්‍රයා ආදී වූ දේවතාවන්ද, ශාස්වත දෘෂ්ටි ජලානුබද්ධ ව,
අමාර්ග ප්‍රතිපන්න බක බ්‍රහ්මාදී වූ බ්‍රහ්මයන්ද,තමන් වහන්සේගේ අසාධාරණ වූ සර්වඥ මහිමයෙන්, මාන මර්දනය කොට,පාප නැමැති විෂ
විනාශ කොට වදාළ සේක " (උම්මග්ග ජාතකය)
" ජාම්බුනද ස්වර්ණයක් සේ රන්වන් වූ,උතුම් වූ,ස්වර්ණ ශංඛයකින් ස්නිග්ධ වූ, උදාර වූ මනෝඥ බව, සුවෘත්ත ග්‍රීවාවයවයෙහි ගෙන ඇර
යොදා,කල්ප වෘක්ෂ ශාඛයෙන් පිරුණා වූ,දික් වූ, ආජාණුලම්බී වූ ලීලෝපේත ස්වරූපයද ....... " (එළු අත්තනගලු වංසය)
ඉතින් ආදරණීය දුවේ පුතේ මේ වගේ ලියවුනු ගොඩක් පොත පත ඔයාලගෙ ගෙවල් වලත් තියෙනව. ඒවා මේ පාඩම ඉගෙනගත්තට පස්සෙ නොසලකා ඉන්න එපා.අමාරුවෙන් හරි කියවන්න උත්සාහ කරන්න. පැරණි කාලයේ පත පොත තමා ඔයාලගෙ කියවීම ඔයාලටම නිවැරදිව කරගන්න පුළුවන් වෙන අපූරු බෙහෙත.
ගෙදර ඉදන් ආයේ පාසලට එනකොට කියවීමේ දක්ෂයෙක් වෙලා එන්න හිතේ අධිෂ්ඨානය ඇති කරගන්න.
යසන්ත බුද්ධික ගමගේ (සිත්කවි)
Comments