සිංහල - රූපාසන්න පද හඳුනා ගනිමු. (සිත්කවි)

රූපාසන්න පද හඳුනා ගනිමු.  
6 වසර සිංහල 


ආදරණීය දුවේ පුතේ අද අපි අලුත්ම දෙයක් ඉගෙන ගන්නයි
හදන්නෙ.ඒ තමා රූපාසන්න පද. මොනවද මේ රූපාසන්න පද
කියන්නෙ ඇත්තටම?
එකම අකාරයේ අක්ෂරයන්ගෙන් ලියැවුණ,එකම උච්ඡාරණ
හඩකට සමාන හඬ  නඟන,එහෙත් අර්ථයෙන් එකසමාන නොවන
පද තමා අපි රූපාසන්න පද කියල හදුන්වන්නෙ. 
මේ වචන නිවැරදිව අඳුනගෙන ඉන්න එක අපිට ලොකු පන්ති
වලදි හරි වැදගත් . ඔයාල ලියන දේවල්, කතාකරන දේවල්
ලස්සනට අනිත් අයට දැනෙන්න ලියන්න කියන්න පුලුවන්
භාෂාවේ මේ වගේ කොටස් දැනගෙන ඉන්න එකෙන්.
ගෙදර නිවාඩුවේ ඉන්න අතර වාරේ මේ වගේ වචන ටිකක්
මතකෙ තියාගෙනම ඊලඟ වාරේ ඉස්කෝලෙ එන්න.
අභය - බය නැති උභය - දෙක
අලු   - ආලෝකය අළු  -පිලිස්සිමෙන්පසු ඉතිරිවන් දේ
අවදිය - පිබිදීම අවධිය - කාලය/සීමාව  
අපවාද - දුර්ගුණ අවවාද - උපදේශ
අවලංගු - තහනම් අලවංගු - යකඩ උල 
අනුභව - කෑමට ගැනීම ආනුභාව-බල මහිමය
අභූත - සිදු නොවූ අද්භූත- පුදුමාකාර 
අපකාර - සතුරුකම උපකාර- උදව්ව 
ආවාහ-බිරිඳක් ගෙන ඒම ආවාස - නිවස 
ආශ්චර්යය-පුදුමය ඓශ්වර්‍යය -සම්පත 
ආදාන- ගැනීම ආදාහන - පිලිස්සීම 
ආපාණ-වෙළෙඳ ආපාන-   සුරා 
ආලාප -කතා කිරීම ආලේප-   තැවරීම 
ආස්වාස -විඳ ගැනීම ආශ්වාස - හුස්ම ගැනීම
ඇල -පැත්ත ඇළ - දිය පාර 
උදර - බඩ උදාර -  ශ්‍රේෂ්ඨ
උදක- ජලය උදක්- තනිකරම,හුදෙක් 
උදාන- ප්‍රීති වාක්‍ය උදාසීන -කම්මැළි 
උදන් - ප්‍රීති වාක්‍ය උදම් - උතුරා යාම 
උණු -උණුසුම් උනු - අඩු 
උරණ -කේන්ති උරන - උරාගන්නව
කලු- ලස්සන කළු -අඳුරු පැහැය 
කද -බඩු ප්‍රවාහනයට ගන්නා  කද කඳ-ස්කන්ධය /කොටය
කල -කාලය/ස්ත්‍රිය කළ-කරන ලද 
තවත් වචන ටිකක් පසුවට ඉගෙනගමු.
දැනට මේ ටික හොදට මතකෙට ගමු.
යසන්ත බුද්ධික ගමගේ (සිත්කවි)  

Comments