සිංහල-අල්ප ප්‍රාණඅක්ෂර සහ මහා ප්‍රාණ අක්ෂර (සිත්කවි)


අල්ප ප්‍රාණ හා මහා ප්‍රාණ අක්ෂර හඳුනා ගනිමු.



අපි සිංහල අක්ෂර මාලාව ගැන ටිකක් වැඩිපුර ඉගෙන ගන්නයි හදන්නෙ.
ඇත්තටම ඔයාල පුංචි පන්ති වලදී මේ ගැන ඉගෙනගත්තෙ නිදහසේ
නෙමේ කියලයි සර්ට නම් හිතෙන්නෙ. ගිරා පැටව් ටිකක් වගේ
කටපාඩම් කරගත්තට හිතට අරං ආසාවෙන් නෙමේනේ නේද? 
හරි දැන් අපි මේවා ආසාවෙන් ඉගෙනගන්න ඕනෙ කාලෙ ඇවිත්
තියෙන්නෙ. 

මේ අල්ප ප්‍රාණ සහ මහා ප්‍රාණ අක්ෂර රූපයෙන් නම් සම්පූර්ණයෙන්ම 
වෙනස් නේද? හැබැයි ඇහෙන විදිය නම් ටිකක් සමානයි වගේ. ඒත්
ඇත්තටම ඇහෙන විදියෙත් වෙනස් කමක් තියෙනව.
මේ සටහන බලන්නකෝ 
අපේ අක්ෂර මාලාවේ තියෙන්නෙ මේ දෙවර්ගයේ අකුරු 20 යි.

අල්ප ප්‍රාණ අක්ෂර
(හුස්ම ටිකයි ඕනේ) 
මහා ප්‍රාණ අක්ෂර
(හුස්ම වැඩිපුර ඕනේ) 
        ක 
        ඛ 
        ග 
        ඝ 
        ච 
        ඡ 
        ජ 
        ඣ 
        ට 
        ඨ 
        ඩ 
        ඪ 
        ත 
        ථ 
        ද 
        ධ 
        ප 
        ඵ 
        බ 
        භ 


අල්ප ප්‍රාණ අක්ෂර උච්චාරණයට සාමාන්‍ය ප්‍රමාණයේ හුස්මක් හොදටම ඇති.හැබැයි මහා ප්‍රාණ අක්ෂර උච්චාරණයට වඩා ලොකු හුස්ම ප්‍රමාණයක් යොදන්න වෙනව. හුස්ම කියන්නෙ අපිට  ජීවත් වෙන්න අත්‍යාවශ්‍ය දෙයක්. ඒ ගන්න හුස්ම යොදවන විදිය අනුව තමා මේ අක්ෂර වලට ඒ නම ලැබිල තියෙන්නෙ.

හොඳට මතකෙ තියාගන්න දරුවනේ, අද බහුතරයක් නිවැරදිව වචන
උච්චාරණය කරන්නෙ නැහැ.අපි අහන බලන ජනමාධ්‍ය තුලවත් මේ
නිවැරදි බස හසුරුවන අය ඉතා අඩුයි. 



වැරදි 
නිවැරදි 
සම්භන්ධ 
සම්බන්ධ ☺
ආභාධ 
ආබාධ ☺

මොකක්ද මේ වැරදි උච්චාරණයට හේතුව ? පේනවද අවසන් අකුර මහා ප්‍රාණ අකුරක්.ඒක දැක්ක ගමන් ඊට කලින් තියෙන අක්ෂර බර කරල කියන්න යනව.ඒත් ඒක වැරදියි.

වැරදි 
      නිවැරදි 
ප්‍රභල 
ප්‍රබල☺
ප්‍රභන්ධ 
ප්‍රබන්ධ ☺

මෙතන වෙලා තියෙන දේ බලන්නකෝ. රකාරංශයක් මුලින් තියෙන නිසා ඊට පිටිපස්සෙ තියෙන අකුර මහා ප්‍රාණ කරගෙන කියනව. ඒක නොදැනුවත්කම සහ නොසැලකිල්ල.

මේ වගේ වැරදීම් ගොඩක් අනිත් අය අතින් උනාට ඔයාල මේ වගේ
වැරදි කරන්න එපා. අපේ භාෂාව රැකගන්න එක ඔයාලගෙ
වගකීමක්,යුතුකමක්.

මේ අක්ෂර යෙදෙන විදියත් මතකෙ තියාගමු.



අල්ප ප්‍රාණ අක්ෂර 
මහා ප්‍රාණ අක්ෂර 

ක 
කම්පනය- කම්මල 
ඛ 
ඛනිජ- ඛාදනය 
ග 
ගම්බද-  ගම්පළ 
ඝ 
ඝණ්ටාරය- ඝට්ටනය 
ච 
චංචල-  නිශ්චල 
ඡ 
ඡත්‍රය- ඡන්දය 
ජ  
ජම්බෝල- ජමනාරන් 
ඣ 
මජ්ඣිම- සජ්ඣායනය  
ට 
ටකරම්- උදයට 
ඨ 
කණ්ඨජ- දාඨාව 
ඩ  
ඉඩකඩ- කඩාවඩා 
ඪ 
ආරූඪ- දෘඪ 
ත 
තනියම- තනිකර 
ථ 
අර්ථය- ස්මර්ථ 
ද 
දඩයම- දඩබඩ 
ධ 
ධර්මය- යුද්ධ 
ප 
පරසිදු- පපඩම  
ඵ 
ප්‍රතිඵල- ඵලදායක 
බ 
බණ්ඩාර- බමුණා 
භ 
භස්ම- භයානක 
Chootibabage Montisoriya, 192/1 Koswatta battaramulla, Colombo (2020) 
යසන්ත බුද්ධික ගමගේ  (සිත්කවි) 








Comments

උපාලි පෙරේරා said…
මම 65 වියැති විශ්‍රාමිකයෙක්. මගේ සිංහල ගුරුතුමා අපට උගන්වන්න වගේ ම සිංහල භාෂාවෙහි ඇති රසය විඳින්න අප ව යොමු කරන්න ඉතා දැඩි උත්සාහයක් ගත් බව දැන් මට වැටහෙනවා. මගේ අවාසනාවට පාසල් යන කාලයේ මට ඒ අවබෝධය පහළ වුයේ නැහැ. සාමාන්‍ය පෙළ 'C' සාමාර්ථයක් ලැබුවත්, දැන් හිතෙනවා මා ඒ දවස්වල දැන සිටි තරම ප්‍රමාණවත් නැහැ කියලා.

අපේ දූ දරුවන්ට මෙවැනි පාඩම් පැහැදිලි කරන ඔබලා වැනි ගුරුවරුන්ට (මගේ සිංහල ගුරු පියා වූ කටානෙහි පදිංචි ව සිටි සේනානායක 'සර්' ඇතුළු ව) මම පින් දෙමි.

ඔබ පාඩමේ සඳහන් ලෙස ම, ජනමාධ්‍යවල ඉතා සුලබ ලෙස අක්ෂර වින්‍යාස දෝෂ දකින්න ලැබුනත්, ඒ ගැන ලොකු දුකක් සිතට නැඟුනත්, කළ හැකි කුමක්දැයි මට වැටහෙන්නේ නැත. තවද මා ද නැවත සිංහල ඉගෙන ගන්නා සිසුවෙක් නිසා, මා දන්නා දෙය වුවද වැරදි සහගත විය හැකි බව මම දනිමි.

අප දේශයෙහි සිංහල අධ්‍යාපනය නිවැරදිව නඟා සිටුවීමට අපට කළ හැක්කේ කුමක්ද?

ඔබට ජය!

උපාලි පෙරේරා